Showing posts with label පෙරේත සිත්තම්. Show all posts
Showing posts with label පෙරේත සිත්තම්. Show all posts

Jul 14, 2011

යකෝ අනාගත පරපුර




කුඩු මුදලාලිල ඇමැතිකම් කලොත්?
ඒක අවුලක් නෑ. කුඩ්ඩොනො කුඩු ගහන්නෙ.

හන්දියක් ගාණෙ බාර් අරින එක එතකොට?
ඒක මොකද බං බේබද්දොනෙ අරක්කු බොන්නෙ.

ලෝකෙට ණය වෙන ඒව හොරා කෑම එතකොට?
කවුද බං එහෙම කරන්නෙ?

ගෙවන්න බැරි තරම් ණය අරන් පිස්සු කෙළින කොට?
සංවර්ධනය බං... ඉරිසියා කරන්න එපා

හෙට උපදින එවුන්ටත් මේ ණය ගෙවන්න වෙනවනම්?
අපේ ආර්ථිකය ශක්තිමත් බං

අධ්‍යාපනය පිස්සන් විසින් නැති භංගස්ථාන කරද්දි?
ඕවා දියුණුව බලාගෙන ඉන්න බැරි එවුන් කියන කතා.

උසස් අධ්‍යාපනය එක නරුමයෙක්ගෙ වුවමනාවට විනාශ වෙනවනම්?
පිස්සුද බං ඌ හිත හොඳ එකෙක් බං

එතකොට ගෙදර උන්දැට තමුසෙ කියල කතා කරනවනම්?
ඉවරයි යකෝ අපේ දරු පරපුර... කාළකණ්නි වගේ හැසිරෙන්න එපා...

Jul 5, 2011

ශ්‍රී ලංකේය අභිමානය


18 වැනි ව්‍යවස්ථාව කියවල තියෙනවද?
"නෑ කියවල නෑ"
"එහෙනම් ඒක හොඳයි කියල කිව්වෙ කොහොමද?"
" ඔය කවුරුත් ඒක හොඳයි කිව්වනෙ ඉතින්"


එතකොට දරුස්මාන් වාර්තාව දැකල හරි කියවල තියෙනවද?
"ම්ම්ම්  නෑ"
එහෙනම් ඒකෙ තියෙන්නෙ බොරු කියල කියන්නෙ කොහොමද?
"ඒක කොටින්ගෙ වැඩක්"
කියවන්නෙ නැතිව එහෙම කියන්නෙ කොහොමද?
"කියවපු කට්ටිය කියනවනෙ අපිම කියවන්න ඕනිද"


චැනල් 4 වීඩියෝ එක බලල තියෙනවද?
"බලලනම් නෑ"
එහෙනම් ඒක ව්‍යාජ එකක් කියන්නෙ කොහොමද?
"ඒක කොටින්ට කිරි පොවන එවුන්ගෙ වැඩක්"
බලන්නෙ නැතිව කොහොමද එහෙම කියන්නෙ.
"බලපු අය එහෙම කියන්නෙ ඒ මදැයි"


එතකොට නිකම් ඔයා රූකඩයක් වගේ අනුන්ගෙ කියුම් කෙරුම් වලට යටවෙලානෙ වැඩ කරන්නෙ.


"පල ඩෝ යන්න තෝ කොටින්ට කඩේ යන්නෙ"